ගාල්ලම රැක ගත් "ලිස්ටා" සියල්ලන් හඩවා අවසන් ගමන් යයි..(VIDEO)

By Sewvandhi Nov 24, 2022 05:49 AM GMT
Report

මත්ද්‍රව්‍ය සහ අපරාධ මෙහෙයුම් රැසකට දායකත්වය දැක්වූ ගාල්ල පොලීසියේ නිල සුනඛයා මියගොස් තිබේ. වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇති වු හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් සුනඛයා ජීවිතක්ෂයට පත්ව ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වී ඇත.

නෙදර්ලන්තයේ උපත ලබා ඇති "ලිස්ටා" නැමති එම සුනඛයා සේවා අංක 1371 යටතේ ගාල්ල පොලීසියට අනුයුක්ත කර සිටියේය. අස්ගිරිය නිල සුනඛ කොට්ඨාසයේ විශේෂ පුහුණුවක් ලබා ඇති මෙම සුනඛයා කටුනායක ගුවන්තොටුපොළේ මත්ද්‍රව්‍ය නාශක මෙහෙයුම්වලට ද සිය දායකත්වය ලබා දී තිබේ.

පසුව 2019 අගෝස්තු මස 20 වන දින සිට ගාල්ල පොලීසියට අනුයුක්ත කර ඇති "ලිස්ටා" අද වනතුරු ගාල්ල ප්‍රදේශයේ මෙහෙයුම් 300කට ආසන්න ප්‍රමාණයකට සිය දායකත්වය දක්වා ඇත. ඊයේ (23) සවස පොලිස් ගෞරව මධ්‍යයේ ලිස්ටා සිය රාජකාරිය සදහටම අවසන් කරමින් අප අතරින් නික්මුණි.

(වීඩියෝ - අද දෙරණ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now