කාන්තාවන් අලෙවිකරණ වෙබ් අඩවි ගැන පොලිසිය කළ විශේෂ දැනුම්දීමක්

abuse galkissa lanka add.com police department web sites
By Sewvandhi Jul 15, 2021 02:25 AM GMT
Report

බාල වයස්කාර දැරිය ලිංගික කටයුතු සඳහා යෙදවීමට දැන්වීම් පළ කළ ‘ලංකා ඇඩ් ඩොට් කොම්’ වෙබ් අඩවියේ හිමිකරුගේ බැංකු ගිණුම්වල රුපියල් කෝටි 5කට අධික මුදලක් තැන්පත්ව තිබූ බවට තොරතුරු අනාවරණය වී ඇති බව වාර්තා වෙනවා.

නීති විරෝධී දේපල හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මෙම සිද්ධියේ සැකකරුවන් 11 දෙනකුට එරෙහිව සිදුකරන ලද වීමර්ශනයකට අදාළව මෙම කරුණු හෙළිවී ඇතැයි ද එම ආරංචි මාර්ග පවසනවා.

මේ පිළිබඳ වාර්තාව පිළිබඳව අද (15) උදෑසන ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් අවදානය යොමු කෙරුණා.

ඒ අනුව, මෙම සැකකරුවන් 11 දෙනා සතුව තිබු රුපියල් කෝටි 10කට ආසන්න මුදල් ප‍්‍රමාණයක් සහිත බැංකු ගිණුම් සියල්ල තහනම් කර ඇති බවයි සඳහන් වන්නේ.

ලිංගික කටයුතුවලට කාන්තාවන් අලෙවි කරන වෙබ් අඩවි කිහිපයක් තහනම් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව අධිකරණයේ අවසර ඉල්ලා ඇති බව ජාතික පුවත්පතක් වාර්තා කර සිටිනවා.

ඒ අනුව තහනමට අවශ්‍ය අවසරය දීමට අධිකරණය විසින් අදාළ වෙබ් අඩවි සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවෙන් කරුණු විමසීමක් කර ඇති බවයි පැවසෙන්නේ.

මේ තහනම් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් දීම සඳහා නීතිපතිවරයා විසින් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයකු ඇතුළු රජයේ නීතිඥවරුන් කිහිප දෙනකු පත් කර ඇති බවත් වාර්තා වෙනවා.‍  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now