බිලිඳාගේ මරුවා මුට්ටියේ

child death Dambulla Galewela Dhiggala yoshitha
By Sewvandhi May 28, 2021 04:29 PM GMT
Report

ගලේවෙල දීග්ගල ප්‍රදේශයේ නිවසක් පිටු පිටුපස තිබූ වතුර මුට්ටියකට ඇද වැටී වයස අවුරුදු එක හමාරක දරුවකු අද සවස දියේ ගිලී මිය ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය කියයි, මෙසේ මියගොස් ඇත්තේ ගලේවෙල දිග්ගල ප්‍රදේශයේ පදිංචි සහන් යෝෂිත නැමැති වයස අවුරුදු එකහමාරක් වූ සිඟිති දරුවෙකි.

දැඩි ආර්ථික දුෂ්කරතා වලින් පිරි මෙම පවුලේ මව දරුවන සිව් සිව් දෙනාා දිවා ආහාරය ලබා දී බත් පතේ අඩු බත් කොට්ස ආසන්නයේ පිහිටි තම පියාගේ නිවසට ගොස් රැගෙන එන අතර තුරදී මෙම කුඩා දරුවා සීයා ගේ නිවස පිටිපස තබා තිබූ වතුර පිරවූ මුට්ටියට ඇද වැටී ඇතැයි පොලිසිය කියයි.

මෙම මියගිය දරුවා ගේ සීයා දිවා ආහාරය ගෙන පිඟාන සේදීම් සඳහා නිවස පිටිපස තබා ඇති මුට්ටියට වතුර ලබා ගැනීමට පැමිණෙද්දී කුඩා දරුවා එම මුට්ටියෙ වැටි සිටින ආකාරය දුටු බව ඔහු කියයි.

පසුව දරුවා ඔසවා ගෙන අසල්වැසියන්ගේ සහාය ඇතිව දඹුල්ල රෝහලට රැගෙන ගිය බවත් එසේ රැගෙන යන විට පුංචි සහන් යෝෂිත මෙලොවෙන් සමු අරන් තිබූ බව පොලිසිය කියයි.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now