කොච්චර අමාරු ඇතිද.. ජීවිතෙත් අවදානමේ කෑගහලා කියන්න බැරි ගල් ලෑල්ලේ චන්ඩිගේ වේදනාව

Sri Lanka Elephant
By Sewvandhi Aug 22, 2023 08:01 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ගල් ලෑල්ලේ චන්ඩියා යන අනවර්ථ නාමය ඇති හස්තියාට නිළධාරීන් විසින් ප්‍රතිකාර කරනු ලැබූහ.

එම වන අලියා සුවපත් කිරීම සදහා පොලොන්නරුව වනජීවී අඩවි කාර්යාලයේ නිළධාරීන් හා ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ වනජීවී නිළධාරීන් අකණ්ඩව කටයුතු කරමින් සිටිනවා.   

පොලොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වන උද්‍යානය තුලදී මීට දින 04කට පමණ ඉහතදී දඩයක්කරුවන්ගේ වෙඩි පහර කිහිපයකට ලක්ව ප්‍රතිකාර ලබමින් සිටි මෙම "ගල්ලෑල්ලේ චන්ඩි" නම් වන අලියා අසාධ්‍ය තත්වයෙන් කොටලීය ඇලට ඇද වැටී සිටි වන අලියාට වනජීවී නිළධාරීන් විසින් ඊයේ ප්‍රතිකාර කරනු ලැබුවා

වන අලියාගේ ජීවිතය අවධානම් තත්වයක පසුවන බවත් කෙසේවෙතය්හ් වන අලියාගේ ජීවිතය බේරා ගැනීම සදහා අඛන්ඩව ප්‍රතිකාර කරන බවයි මහවැලි කලාපය භාර වනජීවී පශු වෛද්‍ය සමීර කලිගු ආරච්චි මහතා කියා සිටියේ.

අවුරුදු 45ක් වන උස අඩි 08 1/2ක් පමණ වන මෙම වන අලියා මීට වසරකට පමණ ඉහතදී දඩයක්කරුවෙකු විසින් වන සතුන් දඩයම් කිරීම සදහා අටවන ලද බදින තුවක්කුවට එම වන අලියාගේ ඉදිරි වම් පාදය හසුව එම වම් පාදයට බරපතල හානි සිදුව තිබූ අතර එම වන අලියාගේ කකුලේ ඇතිව තිබූ පාදය සුවපත් කිරීම සදහා අවස්ථා කිහිපයකදී පොලොන්නරුව වනජීවී අඩවි කාර්යාලයේ හා ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය කාර්යාලයේ නිළධාරීන් එක්ව කටයුතු කරනු ලැබූවා.

- සිතුමි -

ReeCha