20 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි කළ කොරතොට වෙඩිතැබීමේ ඇග කිළිපොලා යන සම්පූර්ණ කතාව මෙන්න

Report

නවගමුව කොරතොට මැණිකාගාර ප්‍රදේශයේ ඊයේ රාත්‍රී 9.30 සිට 10.00 අතර සිදුවූ වෙඩිතැබීමකින් 20 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එම අවස්ථාවේ තවත් දෙදෙනෙකු වෙඩි වැදීමෙන් තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ප්‍රතිකාර සඳහා රැගෙන ගිය බව පොලීසිය වාර්තා කරයි.

වෙඩි ප්‍රහාරය සිදුවූයේනවගමුව කොරතොට මැණිකාගාර ප්‍රදේශයේ කුලී නිවසකය.නිවසේ සිටි තිදෙනෙකුගෙන් එක් අයෙකු එම ස්ථානයේදී මියගිය අතර අනෙක් දෙදෙනා මේ වනවිට රෝහලේ ප්‍රතිකාර ලබයි. පොලීසිය සඳහන් කළේ, වෙඩි තැබීමට පිස්තෝලයක් භාවිතා කර ඇති අතර වැටක් කපාගෙන වෙඩි කරුවන් දෙදෙනෙකු නිවසට පැමිණ ඇත.

ජීවිතක්ෂයට පත්වූ තරුණයා බොරැල්ලේ පදිංචිකරුවෙකු වන සංකල්ප නම් 20 හැවිරිදි අයෙකි. තුවාල ලැබූ දෙදෙනා අම්බලන්තොට සහ දෙමටගොඩ පදිංචිකරුවන්ය.

පොලීසිය අනාවරණය කළේ, මෙම තරුණයා ඉකුත් නොවැම්බර් 14 වනදා බොරැල්ල, සරණ පාර ප්‍රදේශයේදී තවත් අයෙකු සමග එක්ව කාන්තාවකගේ අතක් වෙන් කර කාපා ඇති බවයි.

ඇය බොරැල්ලේ කුඩු චතූ නැමැත්තාගේ සමීපතමයෙක් වන අතර ඔහුගේ උපදෙස් මත බොරැල්ලේ ඩම්ප් එක වත්ත පාර ප්‍රදේශයේදී පසුගිය ජුනි 24 වැනිදා පුද්ගලයෙකුට වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරු හා යතුරුපැදිකරු ඇයගේ නිවසේ සිට පැමිණ තිබූ බව පොලීසිය පැවසුවේය.

එහිදී වෙඩික්කරුගේ ඉලක්කය වූ පුද්ගලයා දිවගොස් දිවි බේරාගත් අතර පසුව ඔහු හා ඊයේ රාත්‍රියේ ඝාතනය වූ තරුණයා එක්ව අදාළ කාන්තාවගේ අත කපාදාමා තිබුණි.

ඔවුන් දෙදෙනා කුඩු චතූ නැමැත්තාගේ ප්‍රතිවාදි කල්ලිය වන 'කුඩු දුමින්ද' නම් අපරාධකරුගේ සමීපතයෙක් බව සඳහන්. ඒ අනුව සැකකරුවන් දෙදෙනා පොලීසිය අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් කළ ද ඔවුන්ව සොයාගැනීමට හැකි වුණේ නැහැ.

මාව හොඳටම රැවැට්ටුවා මට බැලුවෙ නෑ - සමසිරි සැමියා ගැන කියන්න සංජානා නැවතත් කට අරියි

මාව හොඳටම රැවැට්ටුවා මට බැලුවෙ නෑ - සමසිරි සැමියා ගැන කියන්න සංජානා නැවතත් කට අරියි

කෙසේවෙතත් කුඩු චතූගේ පාර්ශ්වයට අදාළ තරුණයා සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව මෙම ඝාතනය සිදුකර ඇති අතර එහිදී තුවාල ලැබූ එක් අයෙක් ඉකුත් ජූනි මාසයේ එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් දිවි බේරාගත් පුද්ගලයාගේ මස්සිනා බව පොලීසිය පැවසුවේය.

මේ අතර අදාළ ඝාතනයට 'කුඩු දුමින්ද' සූදානම් වන බවට ලද තොරතුරකට අනුව බොරැල්ල ප්‍රදේශයේ විශේෂ ආරක්ෂාවක් ද යොදවා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. මෙම වෙඩිතැබීම මේ වසරේ සිදු වූ පළමු වෙඩිතැබීම වීම විශේෂත්වයකි. මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

අසැබි පිටුව ඉවත් කර ඉදිරියේදී පාසල්වලට පොත් බෙදනවා - සෝදුපත් බලපු අයටත් වැඩ වරදී

අසැබි පිටුව ඉවත් කර ඉදිරියේදී පාසල්වලට පොත් බෙදනවා - සෝදුපත් බලපු අයටත් වැඩ වරදී