ඉන්ධන ගැන ජනතාවට දැනුම්දීමක් - 15 වෙනිදා දක්වා සිදුකළ දෙයක් ගැනත් කියයි..
By krishani
සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ දී සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

ඒ බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ ය.
ඒ අනුව රටේ ඉන්ධන ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්‍ය ඉන්ධන තොග ආනයනය කර ප්‍රධාන පර්යන්ත හරහා ගබඩාවල ප්‍රමාණවත් සංචිත පවත්වාගෙන යාමට පියවර ගෙන ඇත.
එමෙන්ම, ඉන්ධන තොග පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සියලු ඉන්ධනහල් හිමියන් දැනුවත් කිරීමට ද කටයුතු කර ඇති බව එම සංස්ථාව පැවසීය.
ඒ අනුව බෙදුම්කරුවන්ගේ ඉන්ධන ඇණවුම් ක්‍රියාවලිය පහසුකරලීම සඳහා ලබන 15 වන දින දක්වා චෙක්පත් මගින් ගනුදෙනු කිරීමට ද අවස්ථාව සලසා දී ඇත.
කෙසේ වෙතත්, මෙම කාලපරිච්ඡේදය තුළ ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම විසින් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සඳහා ප්‍රමාණවත් ටැංකි රථ යෙදවීමට ද තීරණය කර තිබෙනවා.