මාසෙ ගාණෙම වෙනස් වෙයි ද?. ඉන්ධන මිලට වෙන දෙය මෙන්න..
වෙළඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය වන බවයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (01) අනුරාධපුරයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.
ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාමත් සමග තෙල් මිලේ ඉහළ පහළ යාම සිද්ධ වන බවත් ඒ අනුව මිල සූත්‍රයට අනුව මිල වෙනස් වන බවත් අමාත්‍යවරයා සදහන් කළේ ය.
ඒ අනුව මාසිකව ඉන්ධන මිල ඉහළ පහළ යන බව ඔහු පැවසීය.
කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,
"මිල සූත්‍රයකට අනුව තමයි තෙල් මිල ඉහළ පහළ යන්නේ. ඒ නිසා මාසිකව තෙල් මිල ඉහළ පහළ යාම සිද්ධ වෙනවා. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාමත් සමග තෙල් මිලේ ඉහළ පහළ යාම සිද්ධ වෙනවා. ඒ අනුව තමයි මිල සූත්‍රයට අනුව මිල වෙනස් වෙන්නේ. අපි කැමති වුණත් අකමැති වුණත් දැන් අනුගමනය කරන්නේ මේ මිල සූත්‍රය. ඒ අනුව තමයි සංශෝධනය විය යුතු දේවල් වෙනවා. ඉහළ පහළ යන ඒවා සිදු වෙනවා.."
You May Like This Video👇