ලීටරයකට රුපියල් 6 ක මුදලක් ? - ඉන්ධන කොමිස් මුදලට මිල සූත්‍රයක්.
‘සිපෙට්කෝ’ ඉන්ධන පිරවුම්හල්හිමියන්ගේ කොමිස් මුදල ගණනය කිරීම සඳහා මිල සූත්‍රයක් සකස් කරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා ඊයේ (4) ප්‍රකාශ කළා.
ඒ, අනුව ඔහු කියා සිටියේ, එම මිල සූත්‍රයක් සකස් කිරීම සඳහා ඉන්ධන බෙදුම්කරුවන්ගේ පිරිවැය පිළිබඳව තොරතුරු මේ වන විටත් ගෙන ඇති බවත් ඉදිරියේදී එය ක්‍රියාත්මක කරන බවත්ය.
ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ කොමිස් මුදල සම්බන්ධයෙන් උද්ගතවී ඇති ගැටලුවට විසදුමක් ලෙස ඕනෑම ඉන්ධන ලීටරයකට රුපියල් 6 ක මුදලක් ගෙවීමට සංස්ථාව එකඟවුවද ඔවුන් අධිකරණයට ගොස් ඇති බවත් ඒ අනුව ඉන්ධන පිරවුම්හල් හිමියා සිපෙට්කෝ බෙදාහැරීම් ජාලයේ කොටස්කරුවෙක් ලෙස සළකමින් අසාධාරණ ලාභයක් ලැබීමේ අවස්ථාව නොදෙන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළා.
