ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරණය..

Fuel Price In Sri Lanka Sri Lanka Sri Lanka Fuel Crisis Fuel Price In World National Fuel Pass
By krishani May 31, 2023 10:04 AM GMT
krishani

krishani

Report

අද (31) ඉන්ධන මිල සංශෝධනය රාත්‍රියේ සිදුකිරීමට නියමිතයි.

අවස්ථා ගණනාවක දී ගත වූ මාස 05 තුළ ඉන්ධන මිල සංශෝධනයට ලක් වූ අතර අවසන් වරට ඉන්ධන මිල සංශෝධනයක් සිදු වූයේ පසුගිය අප්‍රේල් මස 30 දා ය.

එහිදී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින්, ලංකා ඔටෝ ඩීසල් රුපියල් 15කින්, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 125කින් පහත හෙලීය.

එමෙන්ම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 333 කට, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 365 කට සහ ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 310කට අලෙවි වේ.

මේ වනවිට සුපර් ඩීසල් ලීටරයක් අලෙවි වන්නේ රුපියල් 330කට වේ.

මේ වන විට කිව්.ආර්. ක්‍රමවේදය යටතේ රථවාහන සඳහා ඉහළ දමන ලද ඉන්ධන කෝටාව ක්‍රියාත්මක අතර යතුරු පැදි සහ ත්‍රිරෝද රථයකට ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර් 14 දක්වා ඉහළ දැමිණ.

කෙසේවෙතත්, ලියාපදිංචි ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන කෝටාව ඉහළ දැමුණේ ලීටර් 22 දක්වා වන අතර බස් රථ සහ ලොරි රථ සඳහා ඉන්ධන කෝටාව ලීටර් 125 දක්වා, මෝටර් රථ සහ වෑන් රථ සඳහ ලීටර් 40 දක්වා, ඉඩම් වාහන සඳහා ඉන්ධන කෝටාව ලීටර් 45 දක්වා ද ඉහළ දැමිණ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha