ඇවිලෙන යුද ගිනි මැද ගෑස් සංචිත වහාම සීමා කරන්න - යුරෝපා සංගමයෙන් මේ රටවලට විශේෂ ලිපියක්
By Kaushi
ස්වභාවික ගෑස් ගබඩා කිරීමේ ධාරිතාවය අඩු කරන මෙන් යුරෝපා සංගමය සිය සාමාජික රටවලට දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව මෙම තත්ත්වයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ බලශක්ති මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබීමයි.
එබැවින් යුරෝපා බලශක්ති කොමසාරිස් ඩෑන් ජෝර්ගන්සන් විසින් සාමාජික රටවල් වෙත විශේෂ ලිපියක් යොමු කරමින් සියයට 90 ක්ව පැවති ගෑස් ධාරිතාවය සියයට 80 දක්වා අඩු කරන මෙන් දැනුම් දී ඇත.