වගා හානි සිදුවූ ගොවීන්ට නොමිලේ ඩීසල් ලබා දීම ඇරඹේ.

Hambantota Kurunegala Mahinda Amaraweera Sri Lanka Ministry of Agriculture
By Hashini Nov 20, 2023 08:47 AM GMT
Hashini

Hashini

Report

යළ කන්නයේ වගා හානි වූ ගොවීන්ට මහා කන්නයේ ගොවිතැන් ආරම්භ කිරීමට අවශ්‍ය නොමිලේ ඩීසල් ලබා දීම ඊයේ (19) ආරම්භ කෙරුණා.

හෙක්ටයාරයකට ඩීසල් ලීටර 40ක් පමණ ලබා දෙනු ලබන බවයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පවසන්නේ.

ඊයේ (19) සිට වී වගාව සඳහා ඉන්ධන නිකුත් කිරීම ආරම්භ කෙරුණා.

වගා හානි සිදුවූ ගොවීන්ට නොමිලේ ඩීසල් ලබා දීම ඇරඹේ. | Free Diesel Will Be Provided To The Farmers 

ඉන්ධන ලබා ගැනීම සඳහා ගොවි ජනතාවට වවුචර්පත් නිකුත් කිරීම ඊයේ(19) අගුණකොළපැලැස්සේ පැවති වැඩසටහනක දී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් සිදු කරනු ලැබුවා.

එසේම පසුගිය යල කන්නයේ විශාල ලෙස වගා හානි වාර්තා වූ වලව කළාපය, හම්බන්තොට දිස්ත්‍රික්කය හා කුරුණෑගල දිස්ත්‍රික්කය ඇතුළු වගා හානි සිදුවූ සියලුම ගොවීන්ට මෙම ඉන්ධන සහනාධාරය හිමිවනවා. 

යල කන්නයේ කුඹුරු අක්කර 65,000කට නියඟයෙන් හානි සිදුවී තිබෙනවා.

වසරකට සිදු වන ළමා අපරාධ ගැන හෙළිදරව්වක්....

වසරකට සිදු වන ළමා අපරාධ ගැන හෙළිදරව්වක්....

..........................


ReeCha