බන්ධනාගාරේ ඇතුළත වෙනම ලෝකයක්.ඕනි ඕනි දේවල් කරලා

By Mithu Jun 10, 2025 05:32 PM GMT
Report

ජනාධිපති සමාවට මුවාවී අවිධිමත් ලෙස රැඳවියෙකු මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (09) රාත්‍රියේ අත්අඩංගුවට ගත් වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය හෙට (11) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (10) නියෝග කළේය.

වැඩ තහනමක් ගැන ලිපියක්වත් නැහැ – රවී කුමුදේශ් කියයි!

වැඩ තහනමක් ගැන ලිපියක්වත් නැහැ – රවී කුමුදේශ් කියයි!

මෙහිදී අධිකරණයට කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කියාසිටියේ පසුගිය නත්තල් දින සහ නිදහස් දින රැඳවියන් 68 දෙනෙකු මේ ආකාරයෙන්ම අනීතිකව නිදහස් කර ඇති බවය.

වැඩතහනමට ලක්වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අද දහවල් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ මෙලෙස ප්‍රකාශ කළේය,

"ස්වාමිනි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයාට ලැබී ඇති විධායක බලයක් වන ජනාධිපති පොදු සමාවට මුවාවෙලා බන්ධනාගාර නිලධාරින් සිය අභිමතය පරිදි අපරාධකරුවන් නිදහස්කර තිබෙනවා. බන්ධනාගාර නිලධාරින් ක්‍රියාකරලා තියෙන්නේ විනිසුරුවන් විදිහට. දඩ නොගෙවීම මත සිරගත කළ වරදකරුවන් බන්ධනාගාර අධිකාරිවරු කොහොමද ගෙදර යවන්නේ? මේක විධායක බලය අවභාවිත කිරීමක් පමණක් විතරක් නෙවෙයි අධිකරණ බලයත් අවභාවිත කිරීමක්.

ඔබ ගම්පහෙද? – හෙට පැය 10ක් ජලය නැහැ!

ඔබ ගම්පහෙද? – හෙට පැය 10ක් ජලය නැහැ!

ස්වාමිනි, මීට පෙර රටේ පොලිස්පතිවරයා තමන්ගේ හතුරෙකුට පහරදෙන්න කියලා තම නිලධාරින් යවලා නඩුවක් දාගත්තා. ඊළඟට ආගමන විගමන පාලක ජනරාල්වරයා අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකර රිමාන්ඩ් වුණා. දැන් අධිකරණ නියෝග ක්‍රියාත්මක කරන ප්‍රමුඛතම ආයතනයේ ප්‍රධානියා අවිධිමත් ලෙස සිරකරුවෝ නිදහස් කිරීමකට ආධාර අනුබලදීමට අධිකරණය ඉදිරියට ඇවිල්ලා තියෙනවා. මේක කාලයක් තිස්සේ සිදුවූ ක්‍රියාවලියක්."