ඖෂධ නියාමන අධිකාරියේ ලොක්කෙක් හොරෙන්ම ආයතනයට ඇවිත් ලිපි රැසක් විනාශ කරලා.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිළධාරික් වන වෛද්‍ය විජිත් ගුණසේකර, එම අධිකාරියේ ලිපි ගොනු රැසක් විනාශ කර ඇති බව වාර්තා වෙනවා.
එලෙස එම නිලධාරියාට චෝදනා එල්ල කරමින් මෙම කරුණු අනාවරණය කරනු ලැබුවේ, ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති තුෂාර රණදේව මහතා විසින් (02) ඖෂධ නියාමන අධිකාරිය ඉදිරිපිටදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ මෙලෙසින්,
“විධායක අධ්‍යක්ෂවරයා බලෙන් මෙම ඖෂධ නියාමන අධිකාරිය තුළ රැඳී සිටිනවා. ඔහු ඖෂධ නියාමන අධිකාරියට අයත් විවිධ ලිපි ගොනු විනාශ කරමින් පවතිනවා. ඊයේ රාත්‍රියේ මෙම විධායක අධ්‍යක්ෂවරයා ඖෂධ නියාමන අධිකාරියට පැමිණ ලිපි ගොනු වගයක් පේපර් කටර් එකිකන් විනාශ කරලා තිබෙනවා. ඒවා බෑග්වලට දාලා තියෙනවා.”
මෙම චෝදනා මත ඔහුට එම ධූරයෙන් ඉවත්වන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දී ඇතත්, ඔහු ඉවත්වීම ප්‍රතික්ෂේප කරමින් සිටින බව වැඩි දුරටත් වාර්තා වන්නේ.
