මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක් - පළාත් සභා ක්‍රමවේද හතරකට පැවැත්විය හැකි බව කියයි
මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි ක්‍රම සම්බන්ධ නිරීක්ෂණ ඇතුළත් වාර්තාවක් ඒ සම්බන්ධව අධ්‍යයනයට පත්කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට යොමු කළ බවයි.
පළාත් සභා ක්‍රමවේද හතරකට පැවැත්විය හැකි බව කාරක සභාව හමුවේ ප්‍රකාශ වී ඇති බව එම සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා කීවේය.
ලංකාවේ ඉන්ධන මිල අඩු කිරීම ගැන ඉඟියක් - ලබන සිකුරාදා වෙන්න යන අලුත්ම වෙනස - ඇමති නලින්ද කරුණු හෙළි කරයි
පෙර පැවැති පළාත් සභා මැතිවරණ ක්‍රමය, එම ක්‍රමයට කාන්තා හා තරුණ නියෝජනය ඇතුළත් කර මැතිවරණය පැවැත්වීම, සීමා නිර්ණය ගැටළු හේතුවෙන් පාර්ලිමේන්තුවේ අතර මඟ නවතා දමා ඇති පළාත් සභා මැතිවරණ ක්‍රමය හා නව සීමා නිර්ණය වාර්තා පදනම් කරමින් සකස් කරන ක්‍රමය පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති ක්‍රම හතර වේ.