ලංකාවම හොල්ලපු තරුණයින් 11 දෙනාගේ පැහැරගැනීම- හිටපු නාවික හමුදාපතිවරයෙක් සැකකරුවෙකු වෙයි
තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න යන අය සැකකරුවකු ලෙස නම් කරන ලදි ඔහුට ලබන මස 27 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා නොතීසිද නිකුත් කර තිබේ.
2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයන් 11 දෙනෙකු කප්පම් ගැනීමේ අරමුණින් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුට රැකවරණය දී රටින් පලායාමට උපකාර කල බවට හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට චෝදනා එල්ල වී ඇත.
ඒ මහතා නීතිපති උපදෙස් මත අදාළ චෝදනාවලින් මුදා හැරීමට කර තිබූ නියෝගය දෝෂ සහගත බවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා තීරණය කර තිබේ ඔහු නැවත චූදිතයෙකු ලෙස ඇතුළත් කර චෝදනා ගොණු කරන ලෙසයි නියෝග කර ඇත.
ඒ අනුව අද(10) දිනයේදී ඔහු සැකකරුවකු ලෙස නම් කර ජුලි 27 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ .