හිටපු ඇමතිට දින දෙකක් සිහි නෑ...එන්නතක් විෂ වෙයි

Sri Lanka Sinhala news
By Akash May 27, 2025 05:38 AM GMT
Akash

Akash

Report

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම බස්නාහිර පළාත් සභාවේ හිටපු ඇමැතිවරයකු වූ ගාමිණී තිලකසිරි මහතාගේ වම් කනෙහි පිටුපස හටගෙන තිබූ කුඩා ගෙඩියකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ඇතුළත් වීමෙන් පසු ලබාදුන් එන්නතක් විෂ වීමෙන් දින දෙකකට අධික කාලයක් සිහි මුජ්ජා වී සංකූලතාවට පත්ව අසාත්මිකතාවයට පත්වීමට සිදු වූ බවත් ඒ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කොට දින දාහතරක් ඉක්ම ගොස් ඇතත් මේ දක්වා තමන්ට කිසිදු සාධාරණයක් ඉටු නොවූ බවත් හිටපු පළාත් සභා ඇමැති ගාමිණී තිලකසිරි මහතා පවසයි.

අනුරපුරේ වෛද්‍යවරිය ගැන මාධ්‍ය වාර්තා හරිම කැතයි..- GMOA කණස්සල

අනුරපුරේ වෛද්‍යවරිය ගැන මාධ්‍ය වාර්තා හරිම කැතයි..- GMOA කණස්සල

මේ සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්‍ෂවරයාට දුකථනය හරහා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකොට වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා සිටියද අවම තරමේ ඊට කෙටි පණිවිඩයකින් හෝ පිළිතුරු සැපයීමට අධ්‍යක්ෂකවරයා කාරුණික නොවීම විමතියට කරුණක් බව හිටපු ඇමැතිවරයා චෝදනා කර සිටියි.

එන්නත ගත් පසු ඇති වූ සංකූලතාවන්ට පත්ව ඇඳෙන් වැටී ඒ මේ අත දඟලද්දී සිරුරේ ස්ථාන කිහිපයකට තුවාල සිදුව තිබූ බවද ගාමිණී තිලකසිරි මහතා කියා සිටී. තමන්ට ඇතැම් ඖෂධ භාවිතා කිරීමෙන් සංකූලතා සිදුවන බවත් ඒවා භාවිත කළහොත් ආසාත්මිකතාවන්ට පත්වන බවත් ඒ සම්බන්ධයෙන් සෑම වෛද්‍යවරයකුම දැනුවත් කරන අතර ප්‍රතිකාර ලබාගැනීමට පෙර මෙම විශේෂඥ වෛද්‍යවරියවද දැනුවත් කර තිබූ බව පැවසේ.

මනුස්සයෙක් නිරුවතින් ආරුගම්බේ පාරෙ දුවල තියෙනවා..ආණ්ඩු.වට එරෙහි කඩාකප්පල්කාරී වැඩක්..- නි. ඇමති

මනුස්සයෙක් නිරුවතින් ආරුගම්බේ පාරෙ දුවල තියෙනවා..ආණ්ඩු.වට එරෙහි කඩාකප්පල්කාරී වැඩක්..- නි. ඇමති


එවන් පසුබිමක අවධානය යොමු නොකර එන්නතක් තමන්ට ලබාදීමෙන් දින දෙකකින් ප්‍රතිකාර ලබා නිවසට පැමිණ අලුත් අවුරුද්ද සැමරීමේ අපේක්ෂාවෙන් රෝහල්ගත වුවද දින පහක් පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමට සිදුවූයේ රෝහල් කාර්ය මණ්ඩලයේ අත්වැරදීමෙන් බව ගාමිණී තිලකසිරි මහතා චෝදනා කර සිටී.

මේ අතර වෛද්‍ය ප්‍රතිකාර සඳහා රුපියල් 272,000 මුදලක් රෝහල් ගාස්තු ලෙස ගෙවීමට සිදුවූ බවත් එම මුදල ගෙවා ඇත්තේ ගාමිණී තිලකසිරි මහතාගේ ගිණුම් පවත්වාගෙන යන බැංකුවේ ණය කාඩ්පතින් බව හෙතෙම කියා සිටී.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතාගෙන් විමසූ විට ඔහු මෙසේ පැවසීය. රෝහලට ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීම සඳහා නීතිඥවරයකුගේ ප්‍රධානත්වයෙන් සැදුම්ලත් කමිටුවක් පත්කර තිබෙනවා.

එම කමිටුව හරහා තමයි පැමිණිලි විභාග කරන්නේ. ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇත්නම් එම පැමිණිල්ල මේ වනවිට එම විමර්ශන කමිටුවට යොමු කොට ඇත. ඉන් ලැබෙන ප්‍රතිඵලය අනිවාර්යයෙන්ම ඉදිරියේදී ලබාදීමට කටයුතු කරනවා.

ReeCha