අනුරපුරේ වෛද්‍යවරිය ගැන මාධ්‍ය වාර්තා හරිම කැතයි..- GMOA කණස්සල

Sri Lanka GMOA Sri Lanka
By Akash May 27, 2025 04:08 AM GMT
Akash

Akash

Report

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. අනුරාධපුර ශික්ෂණ රෝහල තුළදී සේවයේ යෙදී සිටියදී වෛද්‍යවරියක් විසින් මුහුණ දුන් අමානුෂික සිදුවීමේදී, පිළිගත් මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝනය කරමින් සිදුකරන ලද මාධ්‍ය භාවිතාව පිළිබඳ ගැටලු ගණනාවක් මතුවී ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මීට පෙර ද ඇතැම් ජනමාධ්‍ය ක්‍රියාකළ ආකාරය පිළිබඳව අපගේ කනස්සල්ල සහ විරෝධය ගරු ජනමාධ්‍ය ඇමතිතුමා ඇතුළු වගකිවයුතු බලධාරීන්ට දැනුම් දී ඇත.

ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කිරීම අදින් අවසන් - මැතිවරණ කොමිසම

ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කිරීම අදින් අවසන් - මැතිවරණ කොමිසම

එසේ වුවත් පසුගිය නඩු වාරයේදී අධිකරණය තුළදී ප්‍රකාශිත කරුණු ගණනාවක් ජනමාධ්‍ය මගින් වාර්තා කර තිබූ ආකාරය පිළිබඳ කිසිසේත් සෑහීමකට පත්විය නොහැක.

එම මාධ්‍ය වාර්තා කිරීම හරහා නැවත නැවතත් එම වෛද්‍යවරිය සමාජය ඉදිරියේ අපහසුතාවයට ලක් කිරීමක් සිදු වී ඇත. මෙම වෛද්‍යවරිය පමණක් නොව මෙරට තුළ සිදුවන කාන්තා අතවර සහ ළමා අපයෝජන සම්බන්ධයෙන් සමස්ථ මාධ්‍ය භාවිතාවේදී, නැවත නැවතත් එම වින්දිතයින් සමාජය ඉදිරියේ අතවරයට සහ අපහසුතාවයට ලක්වීම අතිශයින් අවාසනාවන්ත කරුණකි.

ඒ හරහා ඔවුන් යළි යළිත් මානසික සහ සමාජ පීඩාවට ලක්වනවා පමණක් නොව, ඔවුන්ගේ අනාගතයට ද අහිතකර බලපෑම් ඇති කරයි. අදාල සිදුවීමෙන් අනතුරුව ද ඔවුන් සමාජය තුළ අනාරක්ෂිත බව තහවුරු කරමින් ඇත.

නිලධාරීන් හිඟයි . සහනාධාරය ප්‍රමාදයි

නිලධාරීන් හිඟයි . සහනාධාරය ප්‍රමාදයි

මෙරට තුළ ක්‍රියාත්මක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත අනුව, එම වින්දිතයින් සහ ඔවුන්ගේ අනන්‍යතාවය ආරක්‍ෂා කිරීම සඳහා වඩා ශක්තිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත විය යුතුය. එමෙන්ම, අධිකරණ ක්‍රියාවලිය තුලදි එම වින්දිතයින්ගේ රහස්‍යභාවය ආරක්ෂා වන පරිදි අධිකරණ කටයුතු රහස්‍ය සහ සංවෘත පරිශ්‍රයන් තුල සිදු කිරීම දිරිමත් කල යුතුය.

එබැවින් මෙරට සමස්ත කාන්තාවන් සහ ළමා ප්‍රජාවගේ ආරක්ෂාව වෙනුවෙන් නව ප්‍රවේශයක් සහ වැඩපිළිවෙළක් ස්ථාපිත කිරීමේ අරමුණින් ළමා සහ කාන්තා කටයුතු අමාත්‍යවරිය, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා, අධිකරණ අමාත්‍යවරයා, වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය ඇතුළු වගකිවයුත්තන් සමඟ සාකච්ඡා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කරන ලදී.

ReeCha