2026 වසර පිළිගන්න ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයන් එක් වෙයි
2026 වසර ආරම්භ වන විට ශ්‍රී ලංකාවට විදේශ සංචාරකයන් බොහෝමයක් පැමිණ තිබේ .
ඒ අනුව තම රටවල් වල නොසිට සංචාරක ආකර්ෂණයක් සහිත ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඔවුන්ද අලුත් අවුරුද්ද පිළිගැනීමට එක් වූයේ මහත් ආශාවෙනි.
ගාල්ල උණවටුන සංචාරක පාරාදීසයේ රැඳී සිටිමින් විදෙස් සංචාරකයන් ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ 2026 නව වසර පිළිගැනීමට එක්ව තිබේ .
බෙන්තොට සංචාරක කලාපයේදී ද සංචාරකයන් විවිධ සංස්කෘතිකාංගවලට ද එක්වෙමින් නව වසර පිළිගැනීමට එක්විය .
තවද විදේශ සංචාරකයන් විශාල පිරිසක් නිදහසේ සතුටින් අවුරුදු උදාව සැමරීමට එක්ව තිබේ .
ඒ වගේම කළුතර සංචාරක කලාපවලදී මහත් හරසරින්. විදෙස් සංචාරකයන් 2026 නව වසර පිළිගන තිබේ.
ගල්කිස්ස වෙරළ තීරය ආශ්‍රිතව විදේශිකයන් විශාල පිරිසක් සූපවේදී පබ්ලිස් සිල්වා මහතාගේ මූලිකත්වයෙන් කිරි උතුරුවමින් අලුත් අවුරුදු උදාව සැමරීමට එක්ව තිබේ.
සංචාරකයන් වෙනුවෙන් විවිධ විනෝදාස්වාද වැඩසටහන් ද සංවිධානය කොට තිබූ අතරම අලංකාර මල්වෙඩි සංදර්ශනයක් ද පැවැත්විය.