පූර්ණ එන්නත්කරණය ලැබූ විදෙස් සංචාරකයන්ට රට තුල සැරිසැරීමට අවසර.

Sri Lanka Touverisme Forieng
By Aruna Jul 15, 2021 05:17 AM GMT
Aruna

Aruna

Report

පූර්ණ කොරෝනා එන්නත්කරණය ලැබූ විදේශ සංචාරකයන් පළමු දිනයේ කොරෝනා පරීක්ෂණයෙන් ආසාදිතයෙකු නොවන බව තහවුරු වේ නම්, ඔවුන්ට නිරෝධායනයකින් තොරව, දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සංචාරය කිරීමට අවස්ථාව හිමිවන බව සංචාරක අධිකාරිය පවසනවා.

කෙසේ නමුත්, ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමත කළ පරීක්ෂණාගාරයකින් සංචාරයේ 7 වන දිනයේදී නැවතත් කොරෝනා පරීක්ෂණයක් සිදුකරගත යුතු බවයි එමගින් සඳහන් කළේ.

එමෙන්ම, සියලු සංචාරකයන් දිවයිනට පැමිණීම සඳහා ගුවන් ගත වීමට පැය 72 කට පෙර ලබා ගත් කොරෝනා පරීක්ෂණයකින් ආසාදිතයෙකු නොවන බවට ලියවිල්ලකින් සහතික කළ යුතු වනවා.

මේ අතර, මඩකපුව දිස්ත්‍රික්කයේ මන්මුනෙයි පොලිස් බල ප්‍රදේශයේ මමන්ගම් ග්‍රාම නිලධාරි වසම අද පෙරවරු 6 සිට හුදකලා භාවයෙන් ඉවත් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha