කොවිඩ් ණය සහන කාලය තවත් දීර්ඝ කෙරේ...
කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත් සංචාරක ක්ෂේත්‍රයේ නිරත පුද්ගලයින්ට ලබාදුන් ණය සහනය දෙසැම්බර් 31 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
ඉන් වැඩිම බලපෑමකට ලක්ව ඇත්තේ හෝටල් ක්ෂේත්‍රය බවයි සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ.
ඒ අනූව වාණිජ බැංකු සඳහා රුපියල් මිලියන 300 ක පමණ ණය මුදලක් ගෙවීමට තිබෙන බවයි ඔහු සඳහන් කළේ.
ඒ හේතුවෙන් බැංකු පද්ධතිය ද අර්බුදයකට ලක්ව තිබෙනවා. ඊට පිළියමක් ලෙස ලෝක බැංකුවෙන් හෝ ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය මුදලක් ලබාගෙන, වාණිජ බැංකු වෙත ගෙවීමට පියවර ගන්නැයි මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කරන බව ද, සංචාරක අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළා.
අනතුරුව වෙනම ණය මුදලක් ලෙස අදාළ පුද්ගලයින්ගෙන් එය අයකර ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට අපේක්ෂා කරන බවයි ඔහු පැවසුවේ.
කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයේ නිරත පුද්ගලයින් තුන් ලක්ෂයකට පමණ බලපෑම් එල්ල වී තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
