ලංකාව පහලට දැමු ෆිච් රේටින්ග්ස්.
ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වූ ෆිච් රේටින්ග්ස් ශ්‍රී ලංකාවේ දේශීය ණය හුවමාරුවට අදාළ බැඳුම්කරවල වර්ගීකරණය පහත දමා තිබෙනවා.
ඒ අනුව සී ශ්‍රේණිගත කිරීමේ සිට ඩී ශ්‍රේණිගත කිරීම දක්වා පහළ හෙළා ඇති අතර, ටෙන්ඩර් නොකළ දේශීය බැඳුම්කර සී මට්ටමේ පවතිනවා.
එසේම ශ්‍රී ලංකාවේ දේශීය මුදල් ණය පිළිබඳ වර්ගීකරණය සී ශ්‍රේණිගත කිරීමේ සිට ආර්.ඩී ශ්‍රේණිගත කිරීම දක්වා පහළ ෆිච් රේටින්ග්ස් කටයුතු කර තිබෙනවා.
වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේ, ලබන සතිය වන විට දේශීය ණය ප්‍රශස්තකරණය අවසන් කරන බවයි.
රුවන්වැල්ල ප්‍රදේශයේ අද (15) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ, සංවර්ධන බැඳුම්කර, සේවක භාරකාර අරමුදල, සේවක අර්ථසාධක අරමුදල ආදිය අයත්වන විශ්‍රාමික අරමුදල් ආදියේ ප්‍රශස්තකරණ කටයුතු මේ වන විට අවසන් කර ඇති අතර මහා බැංකුව සතුව පවතින බැඳුම්කර සහ රජයට ලබාදුන් අත්තිකාරම් ප්‍රශස්තකරණය පමණක් ඉතිරිව ඇති බවයි.
