ලංකාවේ පළමු ජාත්‍යන්තර අක්ෂි සත්කාර සමුළුව ඇරැඹේ
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, ප්‍රතිකාර මගින් වලක්වාගත හැකි අක්ෂි රෝග වලින් මිලියන සංඛ්‍යාත ජනතාවක් පීඩා විඳින අතර සැමට සාධාරණ අක්ෂි සත්කාර සහතික කිරීමට රජය කැපවන බව පැවැසීය.
ලංකාවේ පළමු ජාත්‍යන්තර ජාත්‍යන්තර අක්ෂි සත්කාර දෘෂ්ටිවේදී සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීන් වෙමින් අමාත්‍යවරයා මේ බව කීවේය.
කොළඹ මොනාක් ඉම්පීරියල් හෝටලයේ දී මෙම ජාත්‍යන්තර සමුළුව පැවැත්වෙි. “දේශසීමා ඉක්මවා යන දැක්ම - ගෝලීය අක්ෂි සත්කාරය ඉදිරියට ගෙන යාම” (Vision Beyond Borders – Advancing Global Eye Care) යන්න තේමා කර ගනිමින් මෙම සමුළුව පැවැත්වේ.
මෙම ජාත්‍යන්තර සමුළුව අක්ෂි සෞඛ්‍යයේ සහයෝගීතාවය, ඉගෙනීම සහ නායකත්වය සඳහා සුවිශේෂී වේදිකාවක් සපයනු ලබන අතර, සම්මන්ත්‍රණය තුළින් සායනික දෘෂ්ටිමිතිය සහ දෘෂ්ටි චිකිත්සාව,දෘෂ්ටිමිතික පර්යේෂණවල දියුණුව, ළමා සහ වයෝවෘද්ධ අක්ෂි සත්කාර, මහජන සෞඛ්‍ය සහ ප්‍රජා අක්ෂි සේවා, අඩු දෘෂ්ටිය සහ පුනරුත්ථාපනය, දෘෂ්ටි විද්‍යාවේ තාක්ෂණය, අන්තර් විෂය අක්ෂි සත්කාර ආකෘති, දෘෂ්ටිමිතික අධ්‍යාපනය සහ වෘත්තීයභාවය ක්ෂේත්‍රවල නොමිලේ ඉදිරිපත් කිරීම් සහ සම්මන්ත්‍රණ මෙන්ම වැඩමුළු ද ආවරණය කිරීමට බලාපොරොත්තු වේ.