පොළොන්නරු නගරාධිපති අපේක්ෂකයාගේ නිවසට ගිනි තබයි

Polonnaruwa Fire Local government Election Sinhala news
By Mithu May 06, 2025 11:39 AM GMT
Mithu

Mithu

Report

මෙවර පලාත් පාලන මැතිවරණය යටතේ පොළොන්නරුව දිස්ත්‍රීක්කයට අයත් පොළොන්නරුව මහ නගර සභාව සදහා ජාතික ජන බලවේගයෙන් තරග වැදී සිටින නගරාධිපති අපේක්ෂක ලලිත් තිස්ස මහතාගේ නිවසට හා නිවස ඉදිරිපස නවතා තිබූ යතුරු පැදියකට කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර ඇත.

මැතිවරණ නීති කඩන්නැයි මං කිවුවෙ නෑ - අගමැතිනි (VIDEO)

මැතිවරණ නීති කඩන්නැයි මං කිවුවෙ නෑ - අගමැතිනි (VIDEO)

මෙලෙස ගිනි තබා ඇත්තේ ජාතික ජන බලවේගයේ පොළොන්නරූව මහ නගර සභාව සදහා නගරාධිපති අපේක්ෂකයා ලෙස කටයුතු කරනු ලබන ලලිත් තිස්ස මහතා පදිංචි පොළොන්නරුව මහසෙන් පෙදෙස පිහිටි ඔහුගේ නිවසටයි. හවස 3ට පමණ මෙම ගිනි තැබීම සිදු කර ඇති අතර ප්‍රථමයෙන් නිවස ඉදිරිපිට නවතා තිබූ අපේක්ෂකයාගේ ම්ත්‍රයෙකුට අයත් යතුරු පැදියට ගිනි තබා ඇති අතර එයින් ඇතිවූ ගින්න නිවසට හා වහලය දක්වා පැතිර ගොස් වහලයට හා නිවසතුල වූ මුද්‍රණ යන්ත්‍රයකට හා ලිපි ලේකන රැසකට හානි සිදූව ඇත.

ගින්නෙන් යතුරු පැදියට බරපතල හානි සිදුව ඇත. මේ පිලිබදව අදහස් දක්වමින් පොළොන්නරුව නගරාධිපති අපේක්ෂක ලලිත් තිස්ස මහතා පවසා සිටියේ තමන් නගරාධිපති අපේක්ෂක ලෙසට තරග වැදීම සම්බන්ධයෙන් ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ අවස්ථා ගණනාවකදී තම ජීවිතයට තර්ජන එල්ල කල බවත් ඒ සම්බන්ධයෙන් පොලීසිය විසින් නිසි පියවර නොගැනීම මත මෙම ම්ලේච්ඡ බියගුලු ප්‍රහාරය එල්ල කල බවයි.

සබරගමුවේ නවකවදය සිද්ධියට අදාළව තවත් සිසුන් 4ක් පොලිසියට භාරවේ

සබරගමුවේ නවකවදය සිද්ධියට අදාළව තවත් සිසුන් 4ක් පොලිසියට භාරවේ

මෙවැනි තර්ජන වලින් තම පක්ෂයේ හෝ තම ජයග්‍රහණය වැලැක්විය නොහැකි බවට හෙතෙම ප්‍රකාශ කල අතර මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකොට ඊට සම්බන්ද පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

ReeCha