මොරටුව කොරලවැල්ලේ වඩු මඩුවක ගින්නක් – නිවසක්ද සම්පූර්ණයෙන් විනාශයි

Report

මොරටුව ගාළු පාර කොරලවැල්ල ප්‍රදේශයේ වඩු මඩුවක අද (26) දහවල් ඇතිවූ ගින්නකින් ඒ සමග තිබූ නිවසක්ද ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වූ බව එගොඩ උයන පොලිසිය පවසනවා.

වඩුමඩුවෙන් ඇතිවූ ගින්න පැතිරී ඒ සමග ඊට යාබදව තිබූ නිවෙසටද මෙම ගින්න පැතිරී ඇති බව පොලිසිය පවසනවා. ගින්නෙන් දේපලවලට පමණක් හානි සිදු වී ඇති අතර ජීවිත හානි හෝ තුවාල කිසිවක් නැතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා.

වෙසක් සතියට අදාළව පාසල් සහ අධ්‍යාපන ආයතනවල ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් ගැන විශේෂ දැනුම්දීමක්

වෙසක් සතියට අදාළව පාසල් සහ අධ්‍යාපන ආයතනවල ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් ගැන විශේෂ දැනුම්දීමක්

මොරටුව නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් පැමිණි ගින්න නිවා දැමීමට කටයුතු කළා.

ඒ වන විට වඩු මඩුව පුරා සහ නිවෙස පුරා ගින්න පැතිරී තිබිණා. ගින්න ඇතිවීමට හේතුව විදුලි කාන්දුවක්ද වෙනයම් හේතුවක් ද යන්න මෙතෙක් අනාවරණය වී නැතැයි ද පොලිසිය පවසනවා. එගොඩ උයන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කමල් බණ්ඩාර ඇතුළු පිරිසක් පරීක්ෂණ පවත්වනවා.

ගුරු මාරු ගැටළුව ලෝක ප්‍රශ්ණයක් වෙයි - ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් විශේෂ කැඳවීමක්

ගුරු මාරු ගැටළුව ලෝක ප්‍රශ්ණයක් වෙයි - ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් විශේෂ කැඳවීමක්