වසන්තගේ වත්කම් එක්ක බලද්දි රාජපක්‍ෂ පවුලටම එල්ල වූ මුල්‍ය චෝදනා කියන්නේ සොච්චමක්, කාසිලිංගම්ගෙන් සටහනක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යාපනය දිස්ත්‍රික් සංවිධායක සහ දේශපාලන මණ්ඩල සභික ජී. කාසිලිංගම් මහතා විසින් පසුගිය දශකයක් පුරා රාජපක්ෂ පවුලට එල්ල වූ චෝදනා සියල්ලෙහි සම්පූර්ණ වටිනාකම වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රකාශිත වත්කම්වලට සමීප නොවන බව X සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරමින් පවසා ඇති බව වාර්තා වේ.
ඒ අනුව අඳාළ X ගිණුමේ පළ කරන ලද සටහනකින් කාසිලිංගම් මහතා දක්වා ඇත්තේ, රාජපක්ෂවරුන් “දේශපාලන පළිගැනීම්” වලට ලක් වූ බවයි.
එසේම ඔවුන් විදේශයන්හි සැඟවූ වත්කම් සහ දේපළ ඇති බවට යළි යළිත් චෝදනා එල්ල වූ බවයි.
එමෙන්ම ඔහු දක්වන්නේ එවැනි නඩු බොහෝමයක් නිෂ්ප්‍රභ කර ඇති බවත්, නැතහොත් ඒවායින් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර ඇති බවත්ය.
කෙසේ වෙතත් අඳාළ චෝදනා “දේශපාලන උපක්‍රමයක්” පමණක් බව ද ඔහු වැඩිදුරටත් පවසා ඇත.
තවද කාසිලිංගම් මහතා විසින් මහජන කෝපය “උපාය මාර්ගිකව වැරදි දිශාවකට යොමු කර ඇති” බව පවසයි.
ඒ අනුව රාජපක්ෂවරුන්ට විරුද්ධව ඔප්පු නොකළ චෝදනාවලට අවධානය යොමු කර තිබෙන අතර, “සැබෑ අය තිරය පිටුපස සිට ක්‍රියාත්මක වෙති” යනුවෙන් ද ඔහු පවසයි.