තවම රජයෙන් පොහොර සහනාධාරය දීලා නෑ

Agriculture Water And Action For Rural Development Ministry of Agriculture Sinhala news
By Mithu Apr 17, 2025 01:48 AM GMT
Mithu

Mithu

Report

 සුළු වාරි මාර්ග සහ මහා වාරිමාර්ග ජලාශයන්හි පාලනය වන කුඹුරු ඉඩම් අක්කර ලක්ෂ‍ පහක පමණ යල කන්නයේ වගා කටයුතු සඳහා ගොවීන්ට පොහොර සහනාධාර මුදල් මෙතෙක් ලබාදී නැතැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පැවසීය.

හුරුළු වැව, රාජාංගණය, පදවිය ඇතුළු මහා වාරිමාර්ග යටතේ පාලනය වන කුඹුරු වපුරා අවසන් බවත්, සුළු වාරි මාර්ග යටතේ වගා කෙරෙන කුඹුරු වලද මේ වන විට වගා කර අවසන් බවත්, මහවැලි ව්‍යාපාරය යටතේ පාලනය වන කුඹුරු ඉඩම් සඳහා මෙමස 20 වැනිදා ජලය නිකුත් කිරීමට නියමිත බවත් ඔහු කීවේය.

අලුත් අවුරුද්දේ අධිවේගී මාර්ග ආදායම රු මිලියන 273ක්

අලුත් අවුරුද්දේ අධිවේගී මාර්ග ආදායම රු මිලියන 273ක්

නැගෙනහිර පළාතේ මුළුමනින්ම වී වපුරා අවසන් අවසන් වී පැවතියද එම පොහොර සහනාධාර මුදල් මෙතෙක් ලැබී නැතැයිද, ගොවිජන සේවා මධ්‍යස්ථාන වලින් තවමත් අයදුම්පත් පුරවන බවද සභාපතිවරයා පැවසුවේය. මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී.වික්‍රමසිංහගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ යල කන්නයට අදාළව ගොවීන්ට පොහොර මිලදී ගැනීම සඳහා පොහොර සහනාධාරය ලබාදීමට අය වැයෙන් මුදල් වෙන්කර තිබෙන බවය.

යල කන්නයට පෙර වී වගා කරන ගොවීන් හඳුනාගැනීම සිදු කෙරෙන බවත්,එම ලැයිස්තුද යාවත්කාලීන කෙරෙන බවද ලේකම්වරයා පැවසීය. පොහොර සහණාධාරය අඛණ්ඩව ලබා දෙන බවත්,අවුරුදු නිවාඩුවත් සමග සුළු ප්‍රමාදයක් සිදුවන්නට ඇතැයිද ඔහු සඳහන් කළේය. හෙක්ටයාර් එකකට රුපියල් 25,000 ක සහනාධාර මුදලක් ලබාදෙන බවත්,කුඹුරු හෙක්ටයාර් ලක්ෂ හයකට වැඩි ප්‍රමාණයක ගොවීන්ට අදාළ පොහොර සහනාධාරය ලබාදෙන බවද ඔහු පැවසීය.

අද - හෙට සහ අනිද්දා බස් ධාවනය ගැන විශේෂ දැනුම්දීමක්

අද - හෙට සහ අනිද්දා බස් ධාවනය ගැන විශේෂ දැනුම්දීමක්

ReeCha