කුඩා දරුවෙකුට මත්පැන් පෙවූ පුද්ගලයෙකු අත්අඩංගුවට(VIDEO)

beer Ajith rohana paliyagoda nuge roard
By Sewvandhi Jun 11, 2021 02:56 AM GMT
Report

කුඩා දරුවෙකු විසින් බියර් වර්ගයේ මත්පැන් අතැතිව සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසැරූ වීඩියෝව සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අදාළ සිද්ධිය රූගත කරනු ලබන පුද්ගලයා ඒ අනුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පෑලියගොඩ නුගේ පාර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙක් බවටයි වැඩිදුර තොරතුරු වාර්තාවන්නේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now