දුම්රියට අසූචී ප්‍රහාරයක් - මෙරට සංචාරයට ආ විදේශික යුවළට සිදුවූ දේ..

Sri Lanka Railways Department of Railways Railways Latest Headlines
By Sewvandhi Sep 29, 2024 08:30 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු විසින් ,කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා (28) දින ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරිම සම්බන්ධයෙන් දිඹුල පතන පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියා විසින් පොලිසියට කර ඇති පැමිණිල්ලේ සටහන් කර ඇත්තේ, කොටගල සහ තලවකැලේ දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි ඩෙරික් ක්ලෙයාර් දුම්රිය ස්ථානය අසලදි එකවරම පොලිතින් උරයක යමක් දුම්රිය මැදිරිය තුලට දුම්රිය මාර්ගයේ ගමන් කල පිරිසක් විසින් විසි කර ඇති බවත්, එම අවස්තාවේ එම මැදිරිය තුල සිටි විදේශිය යුවලකට එසේ විසි පොලිතින් උර වල දමා තිබු අසුචී වැදි ඇති බවත්, පසුව දුම්රිය තලවකැලේ දුම්රිය ස්ථානය වෙත ළගා විමෙන් පසු එම විදේශිය යුවල අසුචී තැවරුණු ඇදුම් මාරු කර ඇති බවත්, තලවකැලේ දුම්රිය ස්ථානයේ සේවකයෙකු විසින් අසුචි විසිරි තිබු දුම්රිය මැදිරිය සෝදා පවිත්‍ර කිරිමෙන් අනතුරුව දුම්රිය බදුල්ල දක්වා ධාවනය කල බවයි.

සියලූම රාජ්‍ය ආයතන ආවරණය කරමින් නව රජය අලුතින්ම කරන්න හදන වැඩේ..

සියලූම රාජ්‍ය ආයතන ආවරණය කරමින් නව රජය අලුතින්ම කරන්න හදන වැඩේ..

එම දුම්රිය මැදිරියේ ගමන් ගත් මගියෙකු විසින් නානුඔය දුම්රිය ස්ථානය වෙත කරන ලද දැනුම් දිමක් මත දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් දිඹුල පතන පොලිසියට මේ සම්බන්ධයෙන් විමර්ෂණයක් පවත්වන ලෙසට පැමිණිල්ලක් කර ඇත.

උඩරට දුම්රියන් වල පාපුරුවේ සහ මැදිරි වල ගමන් ගන්නා විදේශිකයන් ඇතුළු මගින්ගේ ජංගම දුරකථන ඩැහැ ගැනිමේ ජාවාරමක්ද පසුගිය කාලය තුල උඩරට දුම්රිය මාර්ගයේ ක්‍රියාත්මක විය.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%