FBI එකටත් ඉරානයෙන් වැඩේ දෙයි - FBI අධ්‍යක්ෂව හැක් කරලා සියල්ල ලීක් කරයි
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇමරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශයේ (FBI) අධ්‍යක්ෂ කාශ් පටෙල්ගේ පෞද්ගලික විද්‍යුත් තැපැල් ගිණුම (Email Inbox) හැකර් ප්‍රහාරයකට ලක්ව ඇති බවයි.
ඒ අනුව, මෙහි වගකීම භාරගෙන ඇත්තේ, ඉරානය සමඟ සබඳතා පවත්වන බව කියන “Handala Hack Team” නමැති හැකර් කණ්ඩායමයි.
කාශ් පටෙල්ගේ පෞද්ගලික විද්‍යුත් තැපෑලට ඇතුළු වූ හැකර්වරුන් එහි තිබූ ඡායාරූප සහ ඔහුගේ ජීව දත්ත පත්‍රිකාව (Resume) ඇතුළු තොරතුරු රැසක් අන්තර්ජාලයට මුදාහැර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම, ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ (US Justice Department) උසස් නිලධාරියෙකු විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ, කාශ් පටෙල්ගේ විද්‍යුත් තැපැල් ගිණුමට අනවසරයෙන් ඇතුළු වී ඇති බව තහවුරු වී ඇති බවයි.
Handala Hack Team නමැති හැකර් කණ්ඩායම ඔවුන්ගේ වෙබ් අඩවියේ සඳහන් කර ඇත්තේ, සාර්ථකව හැක් කරන ලද ගොදුරු බවට පත්වූවන්ගේ ලැයිස්තුවට දැන් පටෙල්ගේ නම ද ඇතුළත් වන බවය.