අනේ දෙවියනේ..දියණියට බෙහෙත් ගන්න ගිය පියා වන අලි ප්‍රහාරයෙන් මරුට. - මවයි දුවයි බේරුනේ මෙහෙමයි.

Sri Lanka Police Elephant Death
By Wayomi Oct 14, 2024 02:33 PM GMT
Wayomi

Wayomi

Report

එප්පාවල පොලිස් වසමේ නල්ලමුදාව, කොලොංගස්හංදිය ප්‍රදේශයේදී වන අලියකු සිදු කළ පහරදීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ එප්පාවල නල්ලමුදාව පදිංචි ඩී සාලියරත්න නම් 52 හැවිරිදි පුද්ගලයෙක්.

ඊයේ (13) පස්වරු 7.00 ට පමණ සිය 06 හැවිරිදි දියණියට බෙහෙත් ගෙන ඒම සඳහා , බිරිඳද සමගින් තමාට අයත් මෝෆේඩ් වර්ගයට අයත් (මදුරුවා) යතුරු පැදියෙන් එප්පාවල දෙසට ගමන් කරමින් සිටියදී මාර්ගයේ රැදී සිටි වන අලියකුගේ යතුරු පැදිය ගැටී ඇති අතර, ඔවුන් තිදෙනා ඉන් බියට පත් වී අසල කැලයට දිව ගොස් තිබෙනවා.

ඒ අවස්ථාවේ මාර්ගය අසල කැළයේ සිටි වන අලියකු ඩී සාලියරත්න යන අයට පහරදී ඇති අතර, බිරිඳ සහ දියණිය දිව ගොස් වන අලින්ගෙන් බේරී ඇත.

වන අලියා පහරදීමෙන් බරපතල තුවාල ලැබූ සාලිය රත්න මහතා බරපතල තුවාල ලබා සිටියදී ප්‍රදේශවාසීන්ගේ සහය මත එප්පාවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළද ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ආරංචි සඳහන් කළේ.