මොට ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කෙරේ

Report

ඇඹිලිපිටිය, කොඩිකන්ද ප්‍රදේශයේ දී මොට ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇත. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 52ක් වූ කොඩිකන්ද, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ පුද්ගලයා සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් යකඩ පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ .

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඇඹිලිපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි .

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් - අද සිට මේ දවස්වල පමණක් යාල්දේව් ධාවනය වෙයි

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් - අද සිට මේ දවස්වල පමණක් යාල්දේව් ධාවනය වෙයි