දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් - අද සිට මේ දවස්වල පමණක් යාල්දේව් ධාවනය වෙයි
කොළඹ කොටුව සිට යාපනය, කන්කසන්තුරය දක්වා ධාවනය කරන යාල් දේවි දුම්රිය අද (11) දින සිට යළි ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ඒ, අනුව කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල පමණක් යාල්දේව් දුම්රිය ධාවනය කරන බව එම දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එසේම කන්කසන්තුරයේ සිට කොළඹ කොටුව දක්වා එම දුම්රිය ධාවනය වන්නේ අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනවල පමණක් බවට දැනුම් දෙයි.
මෙම දුම්රිය වායු සමනය කළ පළමු පංතියේ මැදිරි 04කින් සමන්විතයි.
වරදක් වෙලා නෑ..දණ්ඩ නීතියෙන් දඬුවමුත් නෑ - හයේ මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවියක් ඇතුළත් කළ සිද්ධියේ අවසන් වාර්තාව