බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 25ක් මරුට 44කට බරපතළ තුවාල

Report

උතුරු ඇල්ජීරියාවේ බුමර්ඩෙස් (Boumerdes) පළාතේ එල් කර්මා (El Karma) ප්‍රදේශයේදී මගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ ඛේදනීය අනතුරකින් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 44 දෙනෙකු තුවාල ලබා තිබේ.

අගනුවර වන ඇල්ජියර්ස් සිට කිලෝමීටර 50ක් පමණ නැගෙනහිරින් මෙම අනතුර සිදුව ඇත. ඇල්ජීරියානු සිවිල් ආරක්ෂක බලකායට අනුව, සෙටිෆ් (Sétif) ප්‍රදේශයේ සිට ධාවනය වූ මෙම බස් රථයේ රියදුරුට වේගය පාලනය කරගත නොහැකි වීමෙන් රථය මහා මාර්ගයෙන් ඉවතට පැන මෙලෙස ප්‍රපාතයට පෙරළී තිබේ.

මේ ලග්න හිමියන් අද ඉතා පරිස්සමින් - ජීවිතයම මොහොතින් වෙනස් කරන ශනිදා ලග්න පලාපල

මේ ලග්න හිමියන් අද ඉතා පරිස්සමින් - ජීවිතයම මොහොතින් වෙනස් කරන ශනිදා ලග්න පලාපල

අනතුර සිදුවූ වහාම හදිසි මුදාගැනීමේ කණ්ඩායම් පැය ගණනාවක මෙහෙයුමකින් පසු තුවාලකරුවන් රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති අතර අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි. පසුගිය 2025 වසරේදී ද ඇල්ජීරියාවේ මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයින් 3,838 දෙනෙකු මියගොස් තිබුණි.

අද මුළු ලංකාවටම බලපවත්නා විශේෂ නිවේදනයක් - මේ පලාත් සහ දිස්ත්‍රික්ක විශේෂයි

අද මුළු ලංකාවටම බලපවත්නා විශේෂ නිවේදනයක් - මේ පලාත් සහ දිස්ත්‍රික්ක විශේෂයි