ඉඩම් ආරවුලක් දුරදිග ගිහින් අයියා ගැසූ පොලු පහරින් මල්ලී මරුට

Report

ඉඩම් ආරවුලක් දුරදිග යෑමෙන් ඇතිවූ බහින්බස් වීමකින් වැඩිමහල් සහෝදරයා විසින් බාල සහෝදරයාට කුරුඳු පොල්ලකින් සිදුකළ පහරදීමකින් එම සහෝදරයා මරණයට පත්ව ඇත.

ඇල්පිටිය, බටුවන්හේන පොල්ගස්වත්ත ප්‍රදේශයේ අද (26) පෙ.ව. 11ට පමණ මෙය සිදුව තිබෙන බව වාර්තා වේ .

මෙම දෙදෙනාගේම නිවාස සිද්ධිය වූ ස්ථානයට නුදුරුව පිහිටා ඇති බව සඳහන්ය.

  මිනුම් කටයුතු සඳහා මිනින්දෝරුවන් පැමිණ එම කටයුතු අවසන් කිරිමෙන් පසු ඉඩම සම්බන්ධයෙන් දෙදෙනා අතර මෙම බහින්බස් වීම ආරම්භ වී ඇත.

එහිදී මියගිය අයට කුරුඳු පොල්ලකින් පහර දී ඇති අතර, එම ප්‍රහාරයත් පහරකෑ පුද්ගලයා බිම වැටී තිබේ. ඉන් පසු පවුලේ අය එක්ව ඔහුව වහාම ඇල්පිටිය මූලික රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

  ඒ වනවිටත් ඔහු මියගොස් සිට තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 73 හැවිරිදි පස්දරු පියෙකි තවද සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා ඇල්පිටිය පොලීසිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

රත්මලාන මුහුදු තීරයේ යාත්‍රාවක තිබී තරුණියකගේ මළ සිරුරක්

රත්මලාන මුහුදු තීරයේ යාත්‍රාවක තිබී තරුණියකගේ මළ සිරුරක්