හොරෙන්ම කැනඩාවට පනින්න ගිය ප්‍රසිද්ධ සැලූන් අයියා

Sri Lanka Sri Lanka visa Canada
By Sewvandhi Aug 24, 2023 02:48 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කටුනායක ආගමන විගමන නිලධාරීන් විසින් ව්‍යාජ වීසා බලපත්‍රයක් උපයෝගීකරගනිමින් කැනඩාව බලා යාමට උත්සාහ කළ අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පිළියන්දල ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි වියේ පසුවූ ප්‍රසිද්ධ කරණවෑමියෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. මූලික විමර්ශනවලදී හෙළිවී ඇත්තේ, සැකකරු එක්සත් අරාබි එමීර් රාජ්‍යය හරහා කැනඩාව වෙත යාමට උත්සාහ ගෙන ඇති බවයි.

එහිදී සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී හෙළිවී ඇත්තේ සැකකරු විසින් ඉදිරිපත් කර තිබූ වීසා බලපත්‍රය ව්‍යාජ බලපත්‍රයක් බවටය.

සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ රුපියල් ලක්ෂ 45ක මුදලක් ලබාදීමෙන් අනතුරුව එම ව්‍යාජ බලපත්‍රය තැරැව්කරුවෙකුගෙන් සකසාගත් බවය.

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන ඇත.

ReeCha