ඔබටත් මෙවැනි දුරකතන ඇමතුමක් ආවාද ? - ප්‍රවේසම්වන්න(VIDEO)

Ajith Rohana blackmail Easter attack fake phone call
By Sewvandhi Jun 18, 2021 02:39 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පාස්කු ප්‍රහාරය ගැන පවසා පුද්ගලයන් බියවද්දා කප්පම් ලබාගන්නා ජාවාරමක් පිළිබඳව පසුගියදිනක අනාවරණයක් සිදුකළා. ඒ අනුව පොලිසිය විසින් සිදුකළ වැඩිදුර විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස දිවයින පුරා තවත් එවැනිම සිදුවීම් 50කට ආසන්න ප්‍රමානයක් පිළිබඳව මේ වනවිට අනාවරණ වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

මෙවැනි ඇමතුම් බොහෝ අවස්ථාවල ලැබෙන්නේ නිවාසවල ස්ථාවර දුරකථන අංකවලට බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මේ දිනවල කප්පම් ලබාගැනීම සඳහා අපරාධකරුවන් විසින් මෙම නව ක්‍රමය අනුගමනය කරනු ලබන බවයි ඔහු ප්‍රකාශ කළේ.

ඊයේ දිනයට පමණක් එවැනි සිදුවීම් සම්බන්ධ පැමිණිලි 3ක් ලැබී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා. එහිදී ඇමතුම ලබාදෙන පුද්ගලයා පවසන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ විමර්ශනවලට කටඋත්තර ලබාගැනීමට අවශ්‍ය බවත් අපහසුතාවයක් ඇති නොවී එම තත්වයන් මගහරවා ගැනීමට තමන් ලබාදෙන බැංකු ගිණුමට මුදල් තැන්පත් කරන ලෙසයි.

කෙසේ වෙතත් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ එලෙස ලැබෙන ඇමතුම් නොසලකා හරින ලෙසයි. එවැනි ජාවාරම්කරුවන්ට හසුවී කිසිදු අවස්ථාවක මුදල් තැන්පත් කිරීමක් සිදුනොකරන ලෙසද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටියා.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now