සුරූපී බොලිවුඩ් තරුව, ප්‍රියංකා චොප්රා ඇගේ සැමියාගෙන් දික්කසාද වෙන්න සුදානමින් ? සමාජ මාධ්‍ය ගිණුමට එක්වරම සිදු වූ දේ මෙන්න(PHOTOS)

WEDDING AMERICA PRIYANKA CHOPRA NICK JOHNAS ACTRESS AND SINGER
By Sewvandhi Nov 23, 2021 05:21 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ලොවක් වසඟයට ගත් සුරූපී බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා සහ ඇගේ සැමියා වන නික් දික්කසාද වීමට සුදානම් බවට ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා. ප්‍රියංකා ඇගේ සැමියාගේ නම සිය සමාජ ජාලා වෙබ් පිටුවෙන් මකා දැමීමත් සමඟ යි බොහෝ දෙනෙක් මෙම අදහස් පළ කරන්නේ.

ඇගේ සැමියා අමරිකානු ජාතිකයෙක් වන අතර ගායන ශිල්පියෙකු ලෙස ද කටයුතු කරනවා. මෑතක විවාහ දිවියට පිවිසුණු ඔවුන් දෙදෙනාගේ විවාහය ලෝකයේම අවධානය දිනාගත් අතර විවාහ වීමෙන් අනතුරුව ඔවුන් අමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වුණා.

විවාහ වී මාස තුනක් ගතවන තැන ඔවුන් දෙදෙනා දික්කසාද වීමට සුදානම් බවටයි ඉන්දියානු පුවත්පතක් වාර්තා කර තිබෙන්නේ. කෙසේ වෙතත් මෙම රාවය නිසාම ඊයේ (22) දිනයේ ප්‍රියංකා ඇගේ සැමියා සහ සොහොයුරා සමඟ ගත් ඡායාරූපයක් ඉන්ස්ටග්රෑම් ගිණුමට එක් කර තිබෙනවා.

මේ නිසාම, "දික්කසාද කතාව බොරුවක්" බවට නැවත වතාවක් රාවයක් පැතිර ගියා. කෙසේ වෙතත්, ප්‍රියංකාගේ මව ඉල්ලීමක් කළේ, මෙවැනි කටකතා පැතිරීමෙන් වළකින ලෙස යි.

විදෙස් මාධ්‍ය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery