මුහුණු පොතෙන් අපහාස කළ දෙදෙනා පැහැරගෙන ගොස් ඇණ ගැසූ පුද්ගලයා සොයා විමර්ශන (VIDEO)

By Wasantha Jun 27, 2021 08:11 AM GMT
Report

සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලයෙකුට අපහාස කිරීම් සිද්ධියකට අදාලව පුද්ගලයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් අමානුෂික ලෙස වඳ හිංසා පමුණවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

බලගොල්ල ප්‍රදේශයෙන් වාර්තාවන මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු අම්පිටිය ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන පුද්ගලයෙකු බවයි අනාවරණය වී ඇත්තේ. ඔහු සහ අනෙක් සැකකරුවන් මේ වන විට අතුරුදන්ව සිටිනවා.

බලගොල්ල පොලිසිය මගින් ඒ සම්බන්ධයෙන් විමර්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ. 



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... Join Now