ඊසි කෑෂ් ක්‍රමයට මෙහෙම දේවලුත් ලැබෙනවා..බලන්නකෝ ගම් හතකටම බෙදලා. ..
ඊසි කෑෂ් ක්‍රමයට මත් කුඩු බෙදාහැරීමේ ජාවාරමක් මෙහෙයවූ පුද්ගලයකු මත් කුඩු තොගයක් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (09) මඩාටුගම පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදුකළ ක්ෂණික වැටලීමක්දී සකකරු අත්අඩංගුවට ගත්තා. ඒ මඩාටුගම, සූරියගම ප්‍රදේශයේ දී බවයි පොලිසිය පැවසුවේ.
සැකකරු මඩාටුගම සූරියගම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්. ඊසි කෑෂ් ක්‍රමය හා ස්ථාන හඳුන්වාදීමේ ක්‍රමය භාවිතා කොට අලෙවි කිරීමට සූදානම් කර තිබූ හෙරොයින් මතුකුඩු ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 300කට ආසන්න ප්‍රමාණයක් ද සැකකරු සන්තකයේ තිබී සොයා ගැනීමට පොලිසියට සමත්ව තිබෙනවා.
සැකකරු සමග නවීන පන්නයේ ජංගම දුරකථන දෙකක්, මත්කුඩු ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදල් තොගයක්, ලයිටර් කිහිපයක් මෙන්ම මත්කුඩු ආරක්ෂීතව ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගන්නා ලද විශේෂිත ප්ලාස්ටික බටයක් ඇතුලු තවත් භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පවසන්නේ, සැකකරු කලක් තිස්සේ මඩාටුගම, කැකිරාව, මරදන්කඩවල, තිරප්පනේ, කලාවැව, කිරළව ආදී ප්‍රදේශවල තරුණයන් මත් කුඩු අලෙවි කිරීමේ ජාවාරම සිදුකර ඇති බවයි.
සැකකරු විෂ මත්ද්‍රව්‍ය ජාවාරම හා සන්තකයේ තබා ගැනීම යටතේ චෝදනා ගොනුකර කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.