තප්පර ගානකින් ගස් පෙරළන් ලොකු ගලක් ආවා - කඩුගන්නාවේ අනතුර ඇසින් දුටු පුද්ගලයෙක්
අධික වර්ෂාවත් සමග පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට පස් කඳු වැටී තිබේ.
මේ හේතුවෙන් ගනේතැන්න ප්‍රදේශයෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ එක් කොටසක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.
ඒ අනුව සිද්ධි ඇසෙන් දුටු පුද්ගලයෙකු ඒ සම්බන්ධයෙන් විස්තර කර තිබුණේ පහත ආකාරයටයි.
"මම උදේ නුවර ඉඳලා රඹුක්කන ගියා වැඩකට.ඊට පස්සේ රඹුක්කන ඉඳලා එනගමන් මම කාර් එක නැවැත්තුවා මෙතන උදේට කාලා නැති නිසා තේ එකක් බොන්න.
මේ ආපදාව වෙලා තියෙන කඩේ ගාවට සෙනඟ පොඩ්ඩක් හිටියා කාර් දෙක, තුනක් තිබ්බා. ඒ හින්දා මම ඉස්සරහ කඩේට ගියා කාර් එක එහා පැත්තේ නවත්තලා.
ඊට පස්සේ මම තේ එක බිබී ඉන්කොට අන්න අර තිබ්බ ලොකු ගල තමයි කඩාගෙන ආවේ. මගේ ඇස් දෙකටම දැක්කා, තත්පර ගාණකින් ගස් පෙරළගෙන කඩාගෙන එනවා.මම හිතන්නේ මේ කඩේ මිනිස්සු හිටියා."
එමෙන්ම මෙම අනතුරෙන් වෙළඳසැලේ සුන්බුන් අතර සිරවී සිටි තවත් පිරිමි පුද්ගලයෙකු මුදාගෙන රෝහල් ගතකර ඇති අතර, ඔහු ඒ වන විටත් මියගොස් සිටි බවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ. මෙම අනතුරින් මීට පෙර ගල්අමුණ, මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි පුද්ගලයෙක් මියගිය ගොස් ඇත.