ඉදිරි දිනවල පාසල් යන සිසුන්ට විශේෂ දැනුවත් කිරීමක්
තෙවැනි පාසල් වාරයේ ඉදිරි දින වෙනුවෙන් පාසල් සිසුන්ගේ පහසුව සැලසීමට අමතර දුම්රිය කිහිපයක් ධාවනයට එක්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
ඒ අනුව මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 4ක්, ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 3ක්, පුත්තලම සහ කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර 1 බැගින් යෙදවීමට කටයුතු යොදා තිබෙන බව සඳහන්.

ඊයේ (16) දින දිවයිනේ පාසල් රැසක අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කර තිබුණා.
එසේ ඇරඹි පාසල්වලට යන සිසුන්ගේ පහසුව වෙනුවෙන් රජයෙන් මේ වන විට ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව සඳහන්.
ඒ ඔස්සේ අපහසුවකින් තොරව සිසුන් අධ්‍යාපන කටයුතුවල නිරත කිරීම රජයේ අරමුණයි.