එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න යම්දුරකට පාලනය කෙරේ

Covid sri lanka Express ship
By Sithumi May 27, 2021 11:15 AM GMT
Sithumi

Sithumi

Report

කොළඹ වරායට නුදුරින් ගිනි ගනිමින් පවතින 'එක්ස්ප්‍රස් පර්ල්' නෞකාවේ ගින්න නිවීමේ මෙහෙයුම යම්තාක්දුරට සාර්ථක වී ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එම කාර්යාලය පැවසුවේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එක්ව එම මෙහෙයුම ක්‍රියාත්මක කරන බවය. මේ වනවිට නෞකාවේ ගින්න යම්දුරකට පාලනය වී ඇති බවත් 'එක්ස්ප්‍රස් පර්ල්' නෞකාවේ යම් යම් කොටස් පැහැදිලිව පෙනෙන බවත් එම ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් දැක්වේ.

ගින්න නිවීමේ කටයුතු තවදුරටත් ඒකාබද්ද මෙහෙයුක් ලෙස ක්‍රියායාත්ම බවද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.