එකවරම පිපිරීම් රැසක්..09ක් මරුට..3000ක් තුවාල ලබයි..

By Aruna Sep 18, 2024 02:10 AM GMT
Report

බිහිසුණු ප්‍රහාර මාලාවක්.

ලෙබනනයේ බේරූට් අගනුවර ඇතුළු ප්‍රදේශ ගණනාවක පිපිරීම් රැසක් වාර්තා වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

විදෙස් මාධ්‍ය වර්තා සඳහන් කළේ, මෙම පිපිරීම් හේතුවෙන් හිස්බුල්ලා සටන්කාමීන් 09 දෙනෙකු මියගොස් 3,000කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

කටක,කන්‍යා සහ මීන යන ලග්න හිමියන් අද දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..නැතිනම් වෙන දේ මෙන්න.

කටක,කන්‍යා සහ මීන යන ලග්න හිමියන් අද දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..නැතිනම් වෙන දේ මෙන්න.


තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් 200ක පමණ පිරිසකගේ තත්ත්වය බරපතළ බවයි පැවසෙන්නේ.

ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයින් සිය පණිවුඩ හුවමාරු සඳහා යොදා ගන්නා "පේජර් පණිවුඩ හුවමාරු" යන්ත්‍ර එකවර පුපුරා යෑමෙන් ඔවුන් මෙලෙස තුවාල ලබා ඇති බව වාර්තා වන්නේ.

මාර්ග අසල, සාප්පු සංකීර්ණ, වෙළෙඳසැල්වලදී මෙන්ම නිවෙස් ආශ්‍රිතව මෙම පිපිරීම් සිදුව ඇත. හිස්බුල්ලා සටන්කාමීන් චෝදනා කරන්නේ, මෙම පිපිරීම් ඊශ්‍රායල් ආරක්ෂක අංශ විසින් සිදුකරඇති බවයි.

ඊශ්‍රායල් ආරක්ෂක අංශ විසින් අලුතින් හඳුන්වා දී තිබෙන රේඩියෝ සංඥා ජෑමර් පද්ධතිය උපයෝගී කර ගනිමින් මෙම සයිබර් මෙහෙයුම සිදුකර තිබෙන බවයි පැවසෙන්නේ.

ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් අද කරන්න යන දේ මෙන්න..

ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් අද කරන්න යන දේ මෙන්න..


විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම පිපිරීම්වලින් හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු ඇතුළුව තවත් සාමාජිකයින් රැසක් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.