ආපදා අස්සේ සිග්නල් නැති වුණ දුරකථන සමාගම්වලට වැඩ වරදී

Report

ආපදා තත්ත්වය හමුවේ මහජනතාවට අත්‍යවශ්‍ය වන සන්නිවේදන පහසුකම් සැපයීමට අපොහොසත් වූ දුරකථන ජාල සමාගම්වලට එරෙහිව විරෝධය පළ කිරීමේ සහ පැමිණිලි කිරීමේ වැඩසටහනක් පැවැත්වෙන බව වාර්තා වේ.

ඉකුත් දිනවල දිවයිනේ ඇති වූ ආපදා තත්ත්වයන්හිදී දුරකථන සහ අන්තර්ජාල සබඳතා බිඳ වැටීම හේතුවෙන් ජනතාව දැඩි අසීරුතාවයට පත් වී සිටියා.

එහිදී විශේෂයෙන් සහන සේවා සම්බන්ධීකරණය කර ගැනීමට සහ ආපදාවට පත් වූවන්ගේ තොරතුරු ලබා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් දුරකථන සමාගම් වෙත දැඩි චෝදනා එල්ල වී තිබීම දක්නට ලැබුණා.

ආපදාවට ලක් වූ නිවාස වෙනුවට නිවාස සංකීර්ණ ස්ථාපිත කිරීමට සැළසුම් - සුසිල්

ආපදාවට ලක් වූ නිවාස වෙනුවට නිවාස සංකීර්ණ ස්ථාපිත කිරීමට සැළසුම් - සුසිල්

ඒ අනුව මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් අදාළ සමාගම්වල වගකීම් විරහිත ක්‍රියාවන්ට එරෙහිව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත පැමිණිලි කිරීමට මෙම පිරිස් කටයුතු කරන බව සඳහන්.

ඒ අනුව මෙම විරෝධතාව සහ පැමිණිලි කිරීමේ වැඩසටහන කොළඹ පිහිටි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා පරිශ්‍රය අසලදී අද දින පැවැත් වූ බව වාර්තා වේ.

Dialog හා Mobitel භාවිතා කරන ඔබට සුභ ආරංචියක්

Dialog හා Mobitel භාවිතා කරන ඔබට සුභ ආරංචියක්

දරුවගේ පන්තිය ඉස්සරහට ගිහින් ඔයාගේ අම්මා බල්ලෙක් වගේ හැසිරෙන්නේ කියලා - සිරිමාවෝ විදුහල්පතිනියට තවත් චෝදනා රැසක්

දරුවගේ පන්තිය ඉස්සරහට ගිහින් ඔයාගේ අම්මා බල්ලෙක් වගේ හැසිරෙන්නේ කියලා - සිරිමාවෝ විදුහල්පතිනියට තවත් චෝදනා රැසක්