අපයෝජනයට ලක්වන දරුවන්ගේ සාක්ෂි වීඩියෝ තාක්ෂණයෙන්..මෙන්න අලුත් ක්‍රමයක්.

Sri Lanka
By Aruna Jul 13, 2021 06:53 AM GMT
Report

අපයෝජනයට ලක්වූ දරුවන්ගේ සාක්ෂි වීඩියෝ තාක්ෂණය ඔස්සේ පටිගත කිරීමේ ඒකක 9ක් පළාත් මට්ටමින් ස්ථාපිත කිරීමට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

ඒ අනුව එම පහසුකම් රෝහල් ආශ්‍රිතව ස්ථාපිත කිරීමට නියමිතය. දරුවෙකු අධිකරණයේදී ප්‍රසිද්ධියේ සාක්ෂි ලබාදීමේදී විවිධ ගැටලුවලට මුහුණපෑමට සිදුවන හෙයින් එම සාක්ෂි වීඩියෝ පටිගත කිරීම් වශයෙන් ලබාගෙන අධිකරණය ක්‍රියාවලියේදී ඉදිරිපත් කිරීමට නියමිතය.

කොළඹදී පමණක් දැනට එම පහසුකම් ඇති බැවින් පළාත් මට්ටමින් අදාළ පහසුකම් ඇති කිරීමට අවධානය යොමුකර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now