සේවක අර්ථසාධක අරමුදලේ තොරතුරු SMS මගින්
සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියැවීම) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකඟතාවය පළව තිබෙනවා .
එසේම සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ නියෝගයක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එහිදී එකඟතාවය පළව තිබෙන බවයි පැවසෙන්නේ විශේෂයෙන් ඉන්දියාවෙහි සේවයේ නියුක්ත ශ්‍රී ලාංකිකයින් එරට නීතිමය ප්‍රතිපාදන අනුව අනිවාර්යයෙන්ම ඉන්දියානු සමාජ ආරක්ෂණ අරමුදලට දායකත්වය දැක්විය යුතුයි.
එසේ වුවත් ඔවුන් එරට සේවය නිමවා ආපසු පැමිණීමේදී සමාජ ආරක්ෂණ අරමුදලට දක්වන ලද දායක මුදල් ලබා ගැනීමට නම් වයස අවුරුදු 58ක් සම්පූර්ණ වන තෙක් සිටිය යුතු වනවා එහෙත් ලංකාවේ සේවය කරන ඉන්දියානු සේවකයින්ට ඔවුන් නැවත තම මව් රටට යන විට සමාජ ආරක්ෂණ අරමුදල යටතේ ඇති මුදල් ගැනීමේ හැකියාව පවතිනවා
ඒ සඳහා වයස් සීමාව අදාළ වන්නේ නැති බවද සඳහන් මේ අනුව ඉන්දියාවේ සේවය කරන ශ්‍රී ලාංකේය ශ්‍රමිකයින්ට වයස අවුරුදු 58 ඉක්මවීමට පෙර සමාජ ආරක්ෂණ අරමුදලට දායකත්වය දැක්වූ මුදල් ලබාගැනීමට හැකිවන පරිදි අවශ්‍ය සංශෝධන සිදුකරමින් මෙසේ සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත පාර්ලිමේන්තුවට එළඹෙන 07 වෙනි දින ඉදිරිපත් කිරීමට නියමිතයි
එසේම සේවක අර්ථසාධක අරමුදලට ලියාපදිංචි කිරීමේ කටයුතු නවීන තාක්ෂණය භාවිතයෙන් සිදු කිරීමට සහ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට තම මාසික දායක මුදල් ගිණුම්ගත වීම ජංගම දුරකථන කෙටි පණිවිඩ සේවාව ඔස්සේ (SMS) ලබා දීමට හැකිවන පරිදි සකස් කෙරෙන,
සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ නියෝගයක් එදිනම (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට මෙසේ කාරක සභාවේ එකඟතාවය පළව තිබෙනවා තවද 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයේ යෙදවීමේ පනත යටතේ ගැසට් කර ඇති උපද්‍රවකාරී රැකියා ලැයිස්තු නියෝග සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීම පිළිබඳ කාරක සභාව දැනුවත් කිරීමද මෙහිදී සිදුව තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
