හදිසි තත්ත්වය යටතේ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට පූර්ණ බලතල

Report

හදිසි නීතිය යටතේ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය ලෙස අවශ්‍ය පරිදි තීන්දු තීරණ ගන්නා බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (01) පස්වරුවේ පැවති මාධ්‍යහමුවක් අමතමිනි. 

"ඔබ සියලුදෙනාම දන්නවා රුපියල් 10,000ක මුදලක් ඉඩමේ අයිතිය නොසලකා හරිමින් ලබාදීමට කටයුතු කරලා තියෙනවා. වතු නිවාසවලට පවා මේ දීමනාව දීමට කටයුතු කරලා තියෙන්නේ.

ඒක සියලුම ප්‍රාදේශීය ලේකම් කර්යාල හරහා බෙදාදීමට කටයුතු කරලා තියෙන්නේ. අපි මෙම කර්යාලය වශයෙන් තීනිදු තීරණ ගන්නවා හදිසි නීතිය යටතේ පැවරිලා ඇති බලතල අනුව."

"පළාත් පාලන ආයතනයකින් භාණ්ඩ ගෙනයාමට හෝ සේවකයන්ට වෙනත් පළාත් පාලන ආයතනයකට ගොස් කටයුතු කරන්න අයිතියක් නෑ පළාත් පාලන ආඥා අනුව. නමුත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කර්යාලයට ලැබී ඇති බලතල අනුව ඔවුන්ට එසේ කටයුතු කරන්න අපි අවසර දිලා තියෙනවා."