විදේශිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පියවර රැසක් ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි
විදේශිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කඩිනම් පියවර රැසක් ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි මෙරටට පැමිණ සිටින විදේශිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැදගත් සහ කඩිනම් පියවර රැසක් පොලිස් දෙපාර්තමේන්තුව විසින් ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් මහතා සදහන් කර තිබේ.
ත්‍රිවිධ හමුදා ආරක්ෂක මූලස්ථානයේ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව එතුමා සදහන් කර තිබේ.
එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ සංචාරකයන් සම්බන්ධව ඕනෑම ගැටලුවක් ඇත්නම් සංචාරක පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂකතුමාගේ 0718591894, 0112421070 හෝ 1912 ක්ෂණික දුරකථන අංකයට හෝ ගුවන්තොටුපොළ (සංචාරක) ස්ථානාධිපති 0718596057 සහ ගුවන්තොටුපොළ භාර ස්ථානාධිපති 0718591640 යන දුරකථන අංකවලට දැනුම් දිය හැකි බවයි.
තවද පොලිස්පතිවරයාගේ මඟ පෙන්වීම මත පොලිස් මූලස්ථානයේ පැය 24 පුරාම ක්‍රියාත්මක විශේෂිත මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇති බව එතුමා සදහන් කර ඇත.
එමෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්. යූ. වුට්ලර් මහතා තව දුරටත් සදහන් කළේ 0718595884, 0718595883, 0718595882, 0718595881, 0718595880 යන දුරකථන අංක අමතා ආපදාවට ලක්වූ පුද්ගලයන් සම්බන්ධව හෝ ඕනෑම ගැටලුවක් යොමු කිරීමට මහජනතාවට අවස්ථාව උදා කරදී ඇති බවයි.