කැළණි වේල්ල පිටාර ආසන්නයි - අවට ඉන්න ජනතාවට දැනුම්දීමක්

Report

කැළණි ගඟේ ජල මට්ටම ඉතිහාසයේ දක්වා නොදැකූ මට්ටමකට ළඟා වීමත් සමග, පහත් බිම්වල ජනතාව වහාම ආරක්ෂිත ස්ථානවලට යාමට පොලිසිය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද අලුයාමේදී නිල නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ වන විට නාගලගම් විදිය ජල මාපකයේ අඩි 8.35 ලෙස දැක්වෙන අතර එය මෑත ඉතිහාසයේ වැඩිම ජල මට්ටම බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත් තවදුරටත් ජලය මටම වැඩි වීමක් සිදු නොවනු ඇති බවත් කැළණි පන්සල ආසන්නයේ පිහිටි වේල්ලේ ගංවතුර මට්ටමද මේ වන විට සැලසුම් කරන ලද උපරිම මට්ටමට ළඟාවී ඇති බවද දෙපාර්තමේන්තුව කියා සිටී.

කෙසේ වෙතත් යම් අවදානමක් පැමිණියහොත් කඩිනමින් දැනුම් දැනුවත් කිරීමට බලාපොරොත්තු වන නිසා නිවේදන ගැන අවධානයෙන් සිටින ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලයි.

අනවශ්‍ය ලෙස බිය ඇතිකරන හෝ කලබල ඇතිකරන තොරතුරු පළකරොත් වැඩ වරදී

අනවශ්‍ය ලෙස බිය ඇතිකරන හෝ කලබල ඇතිකරන තොරතුරු පළකරොත් වැඩ වරදී

ගුවන් හමුදාවෙන් විශේෂ පණිවිඩයක්

ගුවන් හමුදාවෙන් විශේෂ පණිවිඩයක්