මුල්ලේරියා මානසික සෞඛ්‍ය රෝහල ගංවතුරට යටවෙමින් බවට පැතිරෙන පුවත් අසත්‍යයි

Report

ජාතික බෝවන රෝග විද්‍යායතනය සහ අංගොඩ මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය ගංවතුරට යටවෙමින් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණයෙන් දන්වා සිටියි.

එම අමාත්‍යංශය සඳහන් කළේ ජාතික බෝවන රෝග විද්‍යායතනය සහ මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය ගංවතුරට යටවෙමින් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ සාවාද්‍ය ප්‍රකාශ පළ කර ඇති බවය.

අනවශ්‍ය ලෙස බිය ඇතිකරන හෝ කලබල ඇතිකරන තොරතුරු පළකරොත් වැඩ වරදී

අනවශ්‍ය ලෙස බිය ඇතිකරන හෝ කලබල ඇතිකරන තොරතුරු පළකරොත් වැඩ වරදී

කෙසේවෙතත් එම රෝහල්වල කටයුතු සාමන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව ද සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් පැවසීය.

එම රෝහල් ආශ්‍රිතව ගංවතුර තත්ත්වයන් පැවතිය ද රෝහලේ සේවා කටයුතුවලට බාධාවක් නොවන බව වාර්තා වේ. අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරමින් ජනතාව තුළ අනියත බියක් ඇති නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දී ඇත.

ලුණුවිල හෙලිකොප්ටර අනතුර විමර්ශනයට කමිටුවක්

ලුණුවිල හෙලිකොප්ටර අනතුර විමර්ශනයට කමිටුවක්